Forex Sinhala ලෙන් ලියවුන ලංකාවේ හොදම වෙබ් අඩවිය.

ආයුබෝවන්!

ඔයාල හැම දෙනාවම Best10forexbrokers.org website එකට සාදරයෙන් පිලිගන්නවා. Forex Sinhala ලෙන් ලියවුන Website අතරින් වෙනස් වූ Website එකක් නිර්මාණය කරන්න අපි තීරණය කලා. ඒකට හේතුව තමා බොහෝ website වල තිබෙන අඩුපාඩු සහ දුර්වලතා. Forex Broker ගැන පාටකයට ලබාදෙන අසම්පුර්ණ අවබෝදය, Advertisement Promote කිරීමේ තරගය නිසා Scam Forex Brokers ලා Promote කිරීම, වැනි හේතු නිසා අපි කල්පනා කලා Forex Broker යනු කවුද? ඒ වගේම Best Forex Broker කෙනෙක් තෝරා ගන්නෙ කොහොමද  කියන එක මුල සිට සරල ව සිංහලෙන් පරිපුර්ණ අවබෝදයක් දෙන Website එකක් නිර්මාණය කරන්න.

FB Fan Page වල සහ විවිද Lanka Forex Forum වල ආදුනික ඒවගේම පරිනත Retail Forex Traders ලා වැඩිපුරම අහන ප්රශ්නයක් තමය් කොහොමද Top Forex Broker කෙනෙක් තෝරා ගන්නේ කියන එක. මේ ප්රශ්නය ඇත්තටම වැදගත් ප්රශ්නයක්, මොකද අපි තෝරා ගන්න Broker හොරෙක් නං අපේ සල්ලි අපේ කාලය ඒ වගේම Forex වලට තියන අසාවත් නැති වෙලා Forex වලට බැන බැන ඉන්න තමා අපිට වෙන්නේ.

ඔයා Forex වලින් loss වෙන්න ඔයාගේ strategies වල අඩුපාඩු විතරක් නෙවය් ඔයාගේ Broker ත් ඒ සදහා වග කියන්නෙ කොහොමද කියල අද අපි කතාකරමු. Forex කියන්නෙ හොදට සල්ලි හොයන්න පුළුවන් දෙයක්, නමුත් ඒකට හොද ඉගෙනීමක්, ඉවසීමක්, අත්දැකීමක්, හොද Trading Broker කෙනෙක් අනිවාර්යෙන්ම ඕන වෙනවා.

කතා ඇති නේද? පහලට යමු

Foreign Currency Exchange Market එක යනු කුමක්ද?

Currency Exchange කියන්නේ සරලවම කිව්වොත් එක Currency එකකට තව currency එකක් විකිණීම. උදාහරණයකට අපි ගාව USD 1000 ක් තියනවා, අපි අද ඒකෙන් Euro මිලට ගන්නවා 1.1850 Rate එකට Euro 843/- ක් අපිට හම්බ වෙනවා (1000/1.850) තව දවස් කීපයකින් ආපහු Euro ටික විකුණලා USD මිලට ගන්නවා 1.1950 වලට අපිට USD 1007/- ක් හම්බ වෙනවා (843*1.1950)   එතකොට අපිට $7 ක ලාබයක් ඇවිල්ලා.

ලෝකයේ තිබෙන රටවල් අතර Major Banks විශේෂයෙන් Central Banks තමන්ගේ අවශ්යතා වලට තමන්ගේ රටේ Currency අනිත් Currency වලට හුවමාරු කරන මර්කෙට් එක තමය් අපි The foreign exchange market (Forex, FX, or currency market) එක කියන්නේ.

උදාහරණයකට අපි හිතමු Australia වලට Crude Oil මිලට ගන්න ඕනනම් Middle East වලින් Australian Doller වලින් ඒකට ගෙවන්න බෑ ගෙවන්න ඕනේ USD වලින්, Crude Oil මොන රටෙන් කවුරු මිලට ගත්තත් USD තමය් ගෙවන්න ඕනේ. එතකොට Australia වලට සිද්ද වෙනවා Australian Doller ටික USD වලට exchange කරලා Middle East වලට ගෙවන්න.

UK වලට වාහන ගෙන්නන්න ඕන නම් Japan වලින් එයාල GBP ටික YEN වලට Exchange කරලා Japan වලට ගෙවන්න ඕනෙ. බැංකු විසින් දිනපතා සිදු කරන මේ ක්රියාදාමය මැද්දට Retail Traders ලා ඒ කියන්නේ අපි වගේ Individual ලටත් සම්බන්ද වෙන්න පුළුවන්. එහෙම සම්බන්ද වෙලා Profit ලබා ගන්න පුළුවන් නිසා තමය් මේ Forex Market එක අපිට වැදගත් වන්නෙ.

Forex Market එකේ විශේෂ ලක්ෂණ

  1. ලෝකයේ තිබෙන විශාලම Financial මර්කෙට් එක Forex Market එක වන අතර 2017 දත්ත වලට අනුව දවසකට සාමාන්යෙන් කරන Transactions වල වටිනාකම $5 Trillion වලට වැඩිවනවා.
  2. Forex Trading වල විශේෂ වාසියක් වන්නේ Price එක ඉහල ගියත් පහල ගියත් අපිට Trade දාල Profit කරන්න පුළුවන්. එකට හේතුව අපි Pair එකක් Trade කිරීම. අපි Stock shares ගැන හිතුවොත් Price එක අඩු කාලෙදි අර ගෙන වැඩි කාලෙදි විකුණන එක විතරය් කරන්න පුළුවන්.
  3. Physical Location එකක් නොමැති වීම, ඒ කියන්නේ New York Stock Exchange (NYSE) එහෙම නැත්තන් Japan Stock Market (NIKKEI) මේ වගේ Stock Market වලට Physical Location එකක් තියනවා උදාහරණයකට NYSE එක තියෙන්නේ New York වල Wallstreet වල, නමුත් FX Market එකට එහෙම එකක් නෑ ඒක හින්ද මේකට කියනවා Decentralized එහෙම නැත්තන්  Over-the-Counter (OTC) කියල. PlatForm එකකට සම්බන්ද වෙන Banks, Hedge Funds, Professional and Retail Traders ලාගෙන් තමය් FX Market එක හැදිල තියෙන්නෙ.
  4. සතියේ දවස් 5 ක පැය 24 ම Trade කරන්න පුළුවන් වීමත් විශේෂයක්.

Forex Broker යනු කවුද?

අපි වාහනයක්, ඉඩමක් හෝ ගෙදරක් මිලදී ගන්න හදනකොට අපි Broker කෙනෙක් ගේ උදව් ගන්නවා නේද? එයා මොකද කරන්නෙ? අපිව Real Seller ට සම්බන්ද කරන එක, එහෙම නැත්තන් අපි වෙනුවෙන් එයාගෙන් Property එක අපිට අරන් දෙනවා. අපි ඒකට ගානක් Broker ට දෙනවා. FX Currency Broker කියන්නෙත් ඒ වගේම කෙනෙක්, මොකද අපිට Inter-Bank Market එකෙන් Direct Buy & Sell කරන්න බෑ අනිවාර්යෙන්ම Broker කෙනෙක් හරහා තමය් කරන්න ඕනේ. Inter-bank Market එක කියන්නේ Banks අතර තිබෙන Network එකක් Transactions කරන.

Forex Market - Best Forex brokers - Top Rated forex brokers , Forex sinhala

ඔය EBS සහ Reuters කියන system වලින් තමා Interbank Transaction කරන්නේ. ඔය පහළින්ම ඉන්නේ අපි, ඒ කියන්නේ Retail Traders ලා. ඊට උඩින් ඉන්න Forex Broker තමය් අපිව Forex Market එකට MT4 හරි වෙනත් Platform එකක් බාවිත කරල Liquidity Providers ලා හරහා connect කරන්නෙ. මේ Broker අපිට දෙන Service එකට ඒකට එයාලා Fee එකක් ගන්නවා, Spread එකක් හරි Fixed Commission එකක් හරි. මොකද එයාලා අපිට ආදරේට මේව කරනවා නෙවෙය්නේ. Forex Brokering කියන්නේ Multi-Million profit business එකක්. Broker ටත් අපිට දෙන service එකට ලොකු Expenses තියනවා. Server Installation, Server Maintenance, Special Software’s, Expert Human Resources වගේ තව ගොඩක් දේවල්.

Types of Forex Brokers

  1. Dealing Desk
  2. Non-Dealing Desk
  • STP Forex Broker
  • ECN Forex Brokers

Type of Brokers , How to choose a Forex broker

Dealing Desk Brokers

Market Maker කියල කියන්නේ මෙයාටම තමා. අපි දාන Trades Buy & Sell කරන්නේ Real Forex Market එකේ නෙවෙය්. මේ Broker හදපු Market එකක. Real market එකේ යන Price Graph එකට සමානව මෙයාගෙත් MT4 එකේ Prices පෙන්නනවා ඒ උනාට අපේ Orders Fill කරන්නේ Broker ම තමා.

උදාහරණයකට අපි sell order 1ක් දානවා EUR/USD 1 Lot MT 4 එකේ, දාපු ගමන් Broker ගේ software 1ක check කරනවා මේ Broker ගෙම client කෙනෙක් EUR/USD Buy orders 1Lot එකක් තියනවද කියලා. තියනවනම් එයාට දෙනවා එහෙම නැති නම් Broker Buy කරනවා. අපි දාන Trades, Broker ගෙන් පිටට යන්නේ නෑ. මෙයාල ලාබ ලබන්නෙ අඩුවට තමන්ගෙම Client ලගෙන් ගන්න Orders වැඩි ගානට විකුණලා. මෙතනදී අපේ Order එක Fill කරන්නෙ Broker නිසා අපි profit කලොත් Brokerage ගෙ loss එකක්, ඒක නිසා Broker හිතා මතා Client ව Loss කරන්න හදපු පැමිණිලි ගැන Internet එකේ ඔයා Search කලොත් ඕන තරම් ඔයාට හොයා ගන්න පුළුවන් වේවි. ඒ වගේම Profit withdraws කරන්න ගියාම දෙන්නෙ නැති අවස්ථා වගේ දේවල් ඕන තරම් තියනවා.

Disadvantages of Dealing Desk Forex Brokers

  1. High Spread
  2. Slow Execution
  3. Artificial Slippage
  4. High Swap Charges
  5. Requotes
  6. Scalping not allowed
  7. Stop Loss Hunting

Stop loss hunting කියන්නේ, උදාහරණයකට අපි Trade එකට enter වෙනවා Market එක උපරිම පහල ගිහිල්ල හොද Support Level එකක් Pivot Point එකක් බලල හොදට analyze කරලා Fibonacci දාලා Buy Order එකක් දානවා. Support එකට පහලින් Stop Loss එක තියල Take Profit එක pip 50 ක් විතර උඩින් තියල බලාගෙන ඉන්නවා. දැන් ඔය Support, Pivot Points පේන්නේ අපිට විතරක් නෙවෙය් නේ ලෝකේ ඉන්න අනිත් Traders ලත් අපි ඔය හිතුව විදිහටම හිතල ලොකු Buy Order set එකක් දානවා. Broker ටත් ඔය ටිකම පේනවා ඒ වගේම එයාගෙ Software එකේ පෙන්නනවා ලොකු Buy Orders ටිකක් වැටිලා තියෙන්නේ කියල, Stop-Loss එක තව Pip 10 යටින් තියෙන්නේ, ඇත්තටම Real Market එක උඩට Buy වෙන්න පටන් ගත්ත කියල හිතමු මෙයා මොකද කරන්නේ, එයා market maker නිසා එක පාරටම Price එක පහලට pip 10 ක් down කරලා SL ටික hit කරල Real Market එක විදිහටම උඩට යනවා.

මේක කෙනෙක් බලන් ඉදල කරන දේකුත් නෙවේ එයාගේ software එකේ Algorithms වලින් කෙරෙන එකක්. මේක Milliseconds වලින් වෙන එකක්. Forex වල ගොඩක් කල් ඉන්න අයට මේ ගැන අත්දැකීම් ඇති.

(සමහර විට මේ වැඩේ Broker විතරක් නෙවේ Professional Traders & Banks ලත් කරනවා එයාලට ලොකු sell order එකක් තව pip 10 පහලින් දාගන්න ඕන නං අපේ SL Limit එකට Market එක Down කරන්න තව කොපමණ Buy කරන්න ඕනද කියල පෙන්නන Softwares එයාල use කරනවා)

ඒක හින්ද SL දාද්දි පරිස්සම් වෙන්න.

Non-Dealing Desk Brokers

STP Forex Brokers (Straight Through Processing brokers)

මෙයාල නමේ විදිහටම අපේ Orders කෙලින්ම Liquidity Provider ට යවනවා. Liquidity Providers ලා විදිහට Banks, Hedge Funds, Investment corporations හෝ වෙනත් Broker කෙනෙක් වෙන්නත් පුලුවනං. Dealing Desk වගේ මෙයාල හදපු market එකක් නෙවෙය්. ඒක නිසා අතරමැදියෙක් විදිහට මෙයාට Price Manipulation කරන්න බෑ. Computer systems and Algorithms වලින් Inter-Bank Market Price එකට අපේ Orders match කරලා fill කරනවා.

Advantages of STP Forex Brokers

  1. Low Spread
  2. Fast Execution
  3. Minimum Slippage
  4. Flat Swap Charges
  5. No Requotes
  6. Scalping Allowed (Most of them)
  7. No Stop Loss Hunting (Most of them)

ECN Forex Brokers (Electronic Communication Network)

ලෝකයේ දැනට Forex Brokers ලා බාවිතා කරන දියුණුම තාක්ෂනය වන්නේ ECN තාක්ෂනයය්. ඒ උනාට ලෝකයේ සිටින FX Brokers ලා සිය ගණනක් අතරින් ECN Broker ලා ඉන්නේ කීප දෙනය් ඒකට හේතුව ඔයාලට මේ ලිපිය අවසානයට කියවාගෙන යද්දී  වැටහේවි. මෙම ECN Technology එකේ  ප්‍රදානම වාසිය  වන්නේ Forex Broker ට ඕන විදිහට අපේ orders වෙනස් කරන්න බෑ. Non-Dealing Desk එහෙම නැත්තන් Market Maker Brokers ලාට අපේ orders වෙනස් කරන්න පුළුවන්, ඒවගේම එයාලට Market එක වෙනස් කරන්නත් පුළුවන්. හැබය් ECN /STP Brokers ලත් එක්ක ගනුදෙනු කරන එහෙම කරන්න බැරි නිසා කොට Forex Trader ගොඩක් අරක්ෂිතය්.

Forex Market එකේ Prices තීරණය වන්නේ Inter Bank Transaction වලට අනුවය් කියල ඔයා දන්නවා ඇතිනේ. මේ ECN broker ලා  clients order fill කරන prices සෑම අතින්ම Inter-bank market වලට සමානය්.  මේ ECN system එක Retail Trader ගේ  orders fill කරන liquidity provider අතර  Bridge එකක් විදිහට කටයුතු කරනවා. Liquidity provider ලා විදිහට Banks, Hedge funds හෝ වෙනත් Major Broker කෙනෙක් තෝර ගන්නවා. මේ සියලුම Liquidity providers එකම වෙලාවක orders වලට විවිද prices දෙන අතර, අවස්ථාවට අනුව අඩුම Spread එකක් දෙන කෙනා ECN system එකෙන් select කර ගන්නවා. තරගකාරී මිලක් orders වලට ලැබෙන නිසා ECN Forex brokers ලගේ spread එක ඉතා අඩු අගයක් වනවා. බොහෝ විට zero. ඒ නිසා scalpers ලට ඉතා යෝග්‍ය වන්නේ ECN Brokers ලා.

FIX Protocol

මෙම link එක ඇති කරන technology setup එකට කියන්නේ FIX Protocol (Financial Information Exchange Protocol) කියල. එක side එකකින් broker liquidity provider ල ගෙන් liquidity අරගෙන clients ලට දෙන්න සුදානම් කරගන්න කොටම අනිත් side එකෙන් clients ලාගෙන් ගන්න orders liquidity provider ට deliver කරනවා. මෙම Bridge system එක milliseconds තරම් ඉතා කුඩා කාලයකින් සිදු කරන නිසා orders execution time එක ඉතා අඩු අගයක් වෙනවා. තවත් විශේෂ වාසියක් වන්නේ automated trading වලට බාවිතා කරන EA (Expert Advisors) ECN models එකත් එක්ක බාවිතා කිරීමට පහසු වීමය්.

මෙම ECN broker වරු profit කරන්නේ transaction lot ගණනට fixed commission එකකින්, Clients වැඩි වැඩියෙන් transaction කලොත් broker ට වාසිය්. ඒක නිසා broker client ව loss කරන්න උත්සහ කරන්නේ නෑ.

Traders ලගෙ Privacy එක ඉතා ඉහලය්, broker අතරමැදියෙක් විදිහට කිසිම විදිහකට Prices වෙනස් කරන්න බෑ. දවසේ ඕනෑම වෙලාවක ඕනෙම අවස්ථාවක Trade කරන්න පුළුවන් News Release වෙන වෙලාවට උනත් Continues Trade කරන්න පුළුවන්. ඔයාලට අත්දෙකීම් ඇති සමහර Broker ලා Economic News Release වෙන වෙලාවට Platform Slow වෙනවා එහෙම නැත්තන් Spread එක වැඩි කරනවා, මෙයාලගේ එහෙම වෙන්නෙ නෑ.

Spread එක Zero නිසා MT4 එකේ Buy & Sell Line දෙකක් පෙන්නනෙ නෑ, එකය් තියෙන්නේ. Scalping කරන අයට ඒක කොච්චර ලේසිද කියල තේරෙනවා ඇතිනේ. (MT 4 එකේ Ask line එක active කර ගන්න දන්නවා නේද?  Right Click කරන්න chart 1ක මැද > Properties > Common tab > Tick ask price line ) Dealing-Desk Broker කෙනෙක් ගේ මේ line දෙක අතර ලොකු ගැප් එකක් පෙන්නනවා. STP Broker ගෙත් සාමාන්‍ය Gap එකක් තියනවා. ECN Broker ගෙ තමය් Gap එකක් නැත්තෙ

ECN Broker කෙනෙක් නම් අනිවාර්යෙන් අඩුම EURUSD pair එකේ වත් Spread එක Zero වෙන්න ඕනේ. අනිත් pair වල පොඩි spread එකක් තියනවා දශම ගානක. GBPUSD තමය් වැඩිම Spread එකක් තියන Pair එක වන්නේ.

Advantages of ECN Brokers

  1. Very Low Spread (Zero Spread)
  2. Super-Fast Execution
  3. No Slippage (Most of the time)
  4. Flat Swap Charges
  5. No Requotes
  6. Scalping Allowed
  7. No Stop Loss Hunting
  8. Regulated
  9. More Security for Clients Funds

Examples for ECN Brokers

  1. IC Market  (රට Australian, Zero Spread, Very Secure Broker, ඔයාල Account එකක් හදනවා නම් True ECN Account එක Select කරගන්න ඒක තමය් Zero Spread Account එක පොඩි Commission එකක් Charge කලාට one pip වලින් ඒක cover කරන්න පුළුවන්)
  2. Pepperstone (රට Australian, Zero Spread, Very Secure Broker, ඔයාල Account එකක් හදනවා නම් Razor එක Select කරගන්න ඒක තමය් Zero Spread Account එක පොඩි Commission එකක් Charge කලාට one pip වලින් ඒක cover කරන්න පුළුවන්)
  3. FXCC (රට Cyprus, Zero Spread, Very Secure Broker, ඔයාල Account එකක් හදනවා නම් ECN XL එක Select කරගන්න ඒක තමය් Zero Spread Account එක)

මේ Broker ලා තුන් දෙනා ගෙන් ලංකාවේ Forex Traders ලට Trust service ගන්න පුළුවන්. Deposit and Withdrawals වලට කිසිම අව්ලක් නෑ. අපි Site එකේ දාල තියන ඔක්කොම Brokers ලා True ECN අය. ඒ උනාට මේ තුන් දෙනා විතරක් මෙතැනදී මතක් කලේ ලංකාවේ අයට විශේෂ නිසා.

How to choose a Best Forex Broker?

අපි හොයා ගන්න ඕනෙ අපේ Fx Broker විදිහට අපේ දියුනුවට වැඩ කරන කෙනෙක් මිසක් අපිව Loss කරන්න උත්සහ කරන කෙනෙක් නෙවෙය්. ඔබ Forex Broker කියන්නෙ කවුද කියල දන්නෙ නැති නම් ඔබට Best Forex Broker කෙනෙක් හොයා ගන්න හම්බ වන්නෙ නෑ. එකය් අපි මුලින් ඔබට Forex Broker යනු කවුද කියා හැදින්වීමක් දුන්නෙ. දැන් ඔබට ඒ පිළිබද අවබෝදයක් තිබෙන නිසා පියවර 10 කින් Top Forex Broker කෙනෙක් Select කර ගමු. ඒ වගේම මතක තියා ගන්න Broker දෙන Deposit Bonus, No Deposit money, High Leverage වලින් Broker හොදය් කියල තීරණය කරන්න එපා, ඒව දුන්න පමණින් නරක කෙනෙක් වෙන්නේ නෑ සමහර විට FXCC උනත් Bonus offer කරනවා අහල තියනවා, අපි කියන්නේ ලෝකේ කිසිම දෙයක් Free නෑ, ලාබ බඩුවෙ හිලක් ඇත කියල කියනවනේ.

Step 01 – Headquarters location

පළමු දේ පළමුව කරන්න ඕනෙ කියල කතාවක් තියනවනෙ. ඒ වගේ පළමුව ම අපි බලන්න ඕනේ Forex Broker මොන රටේද කියලා. අපි මොනව හරි Product එකක්  ගන්න කොට මුලින්ම බලන්නෙ මොකද්ද? නිෂ්පාදනය කරල තියෙන්නෙ මොන රටේද කියල. ඒකට හේතුව තමය් නිෂ්පාදන රට අනුව අපිට තීරණය කරන්න පුළුවන් Product එකේ Quality එක. උසස් රටක Product එකක Quality එක පිළිබද Assurance එකක් තියනවා ඒ රටේ තියන Standards වලින්.

ඒක නිසා හැම වෙලාවෙම Top Country එකක Broker කෙනෙක් තෝරාගන්න. Top countries වලට තියෙන්නේ USA, UK, Australia තමය්. මේ රට වල තියන High Standard Regulations වලින් Forex Trader ව ආරක්ෂා කරනවා UK Forex Brokers ලා කිව්වට මෙයාල ඇත්තටම ඉන්නේ Cyprus වල. මේ ගැන වැඩිපුර විස්තර Country Wise Forex Brokers ලිපියෙන් කියවන්න.

Lanka වේ අපිට හොදටම හරියන්නේ Australian Forex Brokers ලා තමය්. මම උඩින් links දාල තියනවා

තව දෙයක් ලංකාවේ Forex Broker ආයතන හොයන්න යන්න එපා. මොකද එහෙම ඒවා නෑ. Forex Broker ආයතනයක් Head Office එකක් රටක පිහිටුවන්නෙ මහා පරිමාණ Investment කරන Traders ලා ඉන්න රටවල පමනය්.

Step 02 – Market Maker or True ECN Forex Broker

ඉහතින් අපි සදහන් කලා වගේ Dealing Desk Broker කෙනෙක් තෝරා ගන්න එක අවදානම් වැඩිය්. අවාසි ගොඩක් තියන නිසා. හොද අයත් ඉන්නවා නමුත් අවදානමක් ගන්නෙ මොකටද ඕන තරම් හොද අය ඉන්නකොට අපි කොහොමද Broker DD ද කියල දැන ගන්නෙ? අපිට පුළුවන් එයාලගෙ website එකට ගිහින් බලන්න. Live chat එකක් දාල එහෙම නැත්තන් Email එකක් යවල අපිට අහන්න පුළුවන්. ඒ වගේම Internet එකේ Broker ව Search කරලත් පුලුවන් දැන ගන්න Reviews වලින්.

Step 03 – Reputation

අපි අපේ සල්ලි Invest කරන්න හදනවා නම් Bank එකක අපි බලනවා Bank එකේ Reputation එක කොහොමද කියල. ඒ වගේම තමා අපි Broker කෙනෙක් තෝර ගන්න කොටත් Research එකක් කරල බලන්න ඕනෙ Reviews කොහොමද කියලා. හැබැය් මතක තියාගන්න Reviews හොයන කොට ඔයාට තේරෙය් කිසිම Broker කෙනෙක් perfect නෑ කියලා. ඒකට හේතුව හොද Broker ලටත් Bad Reviews තියනවා මොකද සමහර Traders ලගේ වරදින් Accounts Loss වෙච්ච Traders ලා තමන්ගෙ වරද Broker ට පටවන්න හදනවා. ඒ වගේම Bad Reputation තියන Broker ලත් අනිත් Broker ලට Bad Reviews දෙනවා Marketing Strategy එකක් විදිහට. ඔයා බලන්න ඕන Traders ලා ගොඩක් එකම ප්රශ්න ටිකක් ගැන complain ගොඩක් කරනවාද කියල (Slow Execution, Re-Quotes, Difficult to withdraw capital or profit) එහෙම නම් ඔයා තව දුරටත් සොයා බලන්න ඕනෙ.

Step 04 – How Many years in the Business

අවුරුද්දකට හතු පිපෙනවා වගේ ලෝකෙ වටේම අලුත් Forex Brokering Firms ඇති වෙනවා, පටන් ගන්නවා වගේම ඒවා වහල දාන්නෙ Traders ලගෙ සල්ලිත් return කරන්නෙ නැතිව, ඒක හින්ද හොදට බලන්න අවුරුදු කීයක් Business එකේ ඉන්න කෙනෙක් ද කියල? පරණ වෙන තරමට හොදය්. Old is Gold කියලත් තියනවානෙ නේද?

Step 05 – Rules and Regulations

දවසින් දවස ඉහල යන Financial scams සහ Consumer Abuses නවතන්න ලෝකයේ බහුතරයක් රජයවල් තමන්ගෙ රටේ Regulatory Standards අවුරුදු පතා වෙනස් කරමින් Client ලගෙ ආරක්ෂාව තහවුරු කිරීමට උනන්දු වෙනවා. අපි Trade කරන්න බලාපොරොත්තුවෙන Broker Regulation Institute එකක Register වෙලා under supervision හිටියොත් තමා අපිට ආරක්ෂාව තියෙන්නේ. Broker ලා වැරදි පාරක යනවනම් මේ ආයතන ඒක නවත්තන්න කටයුතු කරනවා, ඒ වගේම අපිට Broker ගැන complain එකක් තියනවනම් මේ ආයතන වලට කරන්න පුලුවන්. අපේ Broker Fully Regulated ද කියල අපි අනිවාර්යෙන්ම බලන්න ඕනෙ ඒ නිසය්. ඒ වගේම එයා Regulated වෙලා ඉන්න ඕනේ හොද රටක නැතිව කවුරුත් දන්නෙ නැති ලෝකෙ කෙළවරක නෙවේ.

  • USA – NFA and CFTC
  • UK – FSA
  • Australia – ASIC, APRA, AUSTRAC

සම්පුර්ණ Regulation Institute Country wise List එක බලන්න මේ Link එකෙන් අදාල පිටුවට යන්න

Step 06 – Spread & Commissions

Low Spread & Low Commissions තියන Broker කෙනෙක් තෝරා ගැනීම වැදගත් කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? අපි ලාබ ලබන්න හෝ පාඩු ලබන්න Direct බලපාන දෙයක් මේක. Website එකට ගිහින් බලන්න Live Quotes Meter එකක් තියනවා නම් එකේ Spreads compare කරලා බලන්න අනිත් Broker ලා එක්ක. අඩුම කෙනෙක් තෝර ගන්න එක ඇගට හොදය්.

Step 07 – Customer support

හොද Customer Support එකක් තිබීම Best Forex Broker කෙනෙක් වෙන්න අනිවාර්ය අංගයක් ඒ වගේම Email, Phone Line සහ Live Chat තිබීම වැදගත්. Broker ව select කරගන්න කලින් ප්රශ්න ටිකක් Live chat කරල බලන්න Response time එක කොහොමද කියල, හදිසියේ Platform එක Freeze උනොත් Withdrawal problem එකකදි අපිට ඉතා ඉක්මනින් Broker ව Contact කර ගන්න ඕන වෙනවා.

Step 08 – Trading Platform

සමහර Broker ලා MT4 එක දෙන්නෙ නෑ අනිවාර්යෙන් MT4 එක දෙන කෙනෙක් තෝර ගන්න. Trading Platforms වැඩි ප්රමාණයක් දෙන තරමට හොදය් විශේෂයෙන් MT4 Web Platform එක තියනවනම් ලෝකයේ ඕනෑම තැනක ඉදන් ඕනෑම computer එකකින් අපේ Trading account එකට log වෙන්න පුළුවන්.

Step 09 – Safety of Funds

Best Forex Broker companies තමන්ගෙ Clients ලගෙ Funds Deposit කරල තියන්නෙ Reputed Bank එකක Trading Account එකක. ඒක ගොඩක් Transparent and Safety for both parties. ඔයාට Broker ගෙන් අහල බලන්න පුළුවන් මොන Bank එකේද Deposit කරලා තියෙන්නේ කියල. ඒ වගේම බලන්න ඒ Bank එකේ පිළිගත් පරණ Bank එකද්ද කියල. අතීතයේ සමහර Broker ලා Client ලගේ Funds වලින් තමන්ට Properties මිලට ගෙන Clients ලගෙ money විනාස කරපු අවස්ථා සිද්ද උනා. පිළිගත් Bank එකක Funds දාල තියනවනම් Broker Firm එකේ Mangers ලට අපේ සල්ලි අත ගාන්න පුළුවන් වෙන්නෙ නෑ

Step 10 – Funding Method

ඉහතින් සදහන් කල ඔක්කොම හොදට තිබිලත් අපිට පුළුවන් විදිහට අපේ Account එක Fund කරන්න බැරි නං වැඩක් නෑනෙ නේද? දැන් ගොඩක් Broker ලා Account එකට Fund කරන්න ගොඩක් ක්රම දෙනවා ඒවා ඔයාට ගැලපෙනවද කියල බලන්න. පහතින් තියෙන්නේ ජනප්රිය ක්රම කීපයක්

  • Credit Card
  • Bank TT
  • Skrill
  • Neteller
  • PayPal

Forex Broker කෙනෙක් ගැන පරිපුර්ණ අවබෝදයක් ඔබට ලැබුනා යැය් අපි සිතනවා. Broker ලා කීප දෙනෙකුගේ Demo accounts open කරන්න ඒ හැම එකක්ම compare කරල බලන්න News Release වෙන වෙලාවට Normal වෙලාවට Platform එකේ Speed එක වැනි දෑ ඔබම අත්හදා බලන්න. එවිට ඔබට සාර්ථක Forex Trader කෙනෙක් වීමට අත්යවශ්ය ම අංගයක් වන හොද broker කෙනෙකු සොයා ගැනීමට හැකිවනු ඇති.

ලංකාවේ අයට ලොකු ප්‍රශනයක් වන්නේ Forex Sinhala ලෙන් ලියවුන Website වල අඩුකම. ඒ වගේම Lanka Forex ගැන Website තිබුනද ඒවාය්න් පරිපුර්ණ අවබෝදයක් ලබා දෙන්නේ නෑ. අපි මේ Website එකෙන් දිගටම ඔබට දැනුම ලබා දෙන pages සිංහලෙන් ලබා දීමට බලපොරෝතුවෙනවා.

ඔබට ප්රශ්න තිබේ නම් Comment Section එකේ දාන්න. නැතිනම් Forum එකේ Thread එකක් open කරන්න. අනාගතයේ අලුතින් එකතු කරන ලිපි මග නොහෙරීමට Facebook ගිණුමට Like කරන්න අමතක කරන්න එපා. ඔබට සාර්ථක Forex Trader කෙනෙකු වීමට ලැබේවා කියල මම හදවතින්ම ප්රර්ථනා කරනවා

Enjoy this article? Don’t forget to share

Forex Sinhala & Lanka Forex
was the article useful?